“දිවසිවරයෙක්” යැයි කියාගන්නා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන දැනටමත් සිදුවෙමින් පවතින බව නීතිපතිවරයා මැයි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන මහතා මේ බව ප්‍රකාශ කළේ, ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.
පරීක්ෂණ මෙහෙයවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසිනි.
Share this: