දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිහිපයක් මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරන අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් රට පුරා නගරවල රැලි සහ පෙළපාලි පවත්වයි.
එක්සත් ජාතික පක්‍ෂයේ (එජාප) මැයි දින රැලිය එම පක්‍ෂයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් මැයි 01 වැනිදා සවස කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ.
Share this: