දිවයිනේ සියලු පළාත් තුළ 20% කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් ගෙන් උපදෙස්.

දිවයිනේ සියලු පළාත් තුළ 20% කින් විදුලි පරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් ගෙන් උපදෙස්.

ඒ ඒ පළාත්යන් හි පොදු ස්ථාන වල විදුලිය පරිභෝජනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින ලංකාවේ සියලුම පළාත් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විය.

එහිදී සියලු පළාත්වල පොදු ස්ථානයන් හි විදුලි පරිභෝජනය 20% කින් අඩු කිරීම සඳහා අදාල රාජ්‍යය ආයතන වල නිලධාරීන් හට පළාත් ආණ්ඩුකාරවරුන් විසින් උපදෙස් ලබා දෙන ලදී.

තවද උතුරු පළාත් ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතා තම පළාතේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ඇති හැකියාව තව තවත් වර්ධනය කරමින් ඉදිරියේදී උතුරු පළාතේ සියලු රාජ්‍ය ආයතනයන් තුල පුනර්ජනනීය බලශක්තිය වැඩිවශයෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සුදානම් කරන ලෙස උතුරු පළාතේ රාජ්‍ය නිලධාරින් හට උපදෙස් ලබා දෙන ලදී.

Share this: