හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටිනවා.
ඒ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා ධීවරයන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නම් ජනතාව මාළු මිලදී ගැනීම බවයි පෙන්වා දුන්නේ.
මාළු කූරි දෙදෙනෙක් බෑගයක දමා පැමිණි අමාත්‍යවරයා මාළු කූරියා ඉවතට ගෙන අමුවෙන්ම අනුභව කර පෙන් වූ අතර ඒවා ඒවා අලුත් මාළු බවයි පැවසුවේ.
Share this: