පසුගිය රජයේ දී රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් මහත්මියට එරෙහිව ලැබී ඇති පැමිණීල්ල විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.
ඒ අනුව තමාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියද අල්ලස් කොමසාරිස්වරුන්ගන් ඉල්ලීමක්ද කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ 2003 සහ 2008 වසරවල සේවයේ නිරතව සිටියදී විදුලි සංදේශ නියාමන කොමිසමේ නිල උපදේශිකාවක් ලෙස කටයුතුකර මුදල් ලබාගෙන ඇති බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් පිරිසක් ඉකුත් 01 වෙනිදා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Share this: