දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙක් අතුරුදන්!

දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙක් අතුරුදන්!

දියවන්නා ඔයේ ඔරුවක් පෙරළීමෙන් එක් අයකු දියේ ගිලී අතුරුදන්ව ඇත.

පොලීසිය පැවසුවේ 01/25 වැනිදා රාත්‍රියේ පුද්ගලයින් සිව් දෙනෙකු ඔරුවකින් මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එහිදී ඔරුව පෙරළී ඇති බව ය.

කෙසේ වෙතත්, ඔවුන්ගෙන් තිදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වී ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා කිමිදුම් දෙපාර්තමේන්තුව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this: