දියත උයනේ නවතා තබන වාහනවලින් ගාස්තු අය කරයි.

දියත උයනේ නවතා තබන වාහනවලින් ගාස්තු අය කරයි.

දෙස් විදෙස් සංචාරකයින් රැසකගේ ආකර්ෂණය දිනාගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘දියත උයන’  නිදහස, විනෝදාස්වාදය, වෙළෙඳ අවස්ථා ,ශාරීරික ව්‍යායාම, සතුට අත්විඳින්නට පසුගිය සමයේ සංවර්ධනය කර ජනතා අයිතියට පත්කළ ස්ථානයකි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශය යටතේ ඇති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව දින කිහිපයක සිට එහි පැමිණෙන රථවාහනවලින් මුදල් අයකිරීම් ආරම්භ කර තිබේ.

මෝටර් රථයක් සඳහා රුපියල් 50 ක මුදලක් ද, යතුරු පැදියක් සඳහා රුපියල් 20 ක් ද ය කරනු ලැබේ. එහෙත්, එම ටිකට් පතෙහි දැක්වෙන්නේ වාහනයේ ආරක්ෂාව පිළිබඳ කිසිදු වගකීමක් නොගන්නා බව ය.මේ හේතුවෙන් මේ සඳහා පැමිණෙන ජනතාවගේ අඩුවක් ඇති බව ව්‍යාපාරිකයන් කියා සිටියහ.

Share this: