මාස දෙකකට වැඩි කලක් තිස්සේ මහා සයුර මැද අතරමංව සිටි විසිහත් හැවිරිදි ඇමරිකානු ජාතිකයකු බේරා ගැනීමේ සිද්ධියක් වාර්තා පසු ගිය දා වාර්ථා විය.
ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා වෙරළින් සැතපුම් දෙසීයක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබුණ ජර්මන් නෞකාවක සේවකයන් විසින් ලුවිස් ජෝර්ඩන් නම් එම තැනැත්තා බේරා ගනු ලැබුණ බවයි ප්‍රකාශ කෙරුණේ.
ලුවිස් ජෝර්ඩන් දින හැටහයක් පමණ කාලයක් අත්ලාන්තික් සාගරය තුළ ඔහුගේ ජීවිතය ගැට ගසා ගෙන ඇති අතර, ලුවිස් ජෝර්ඩන් අතුරුදහන් වී තිබෙන්නේ පසුගිය ජනවාරි මාසයේ අගභාගයේදීය.
මසුන් ඇල්ලීම සඳහා ඔහු බෝට්ටුවකින් සයුරට පිවිස ඇති ඔහු
අත්ලාන්තික් සාගරය මැද අතරමං වී දින හැටහයක පමණ කාලයක් සිය දිවි රැක ගෙන ඇත්තේ අමුවෙන් ම මසුන් අනුභව කිරීමෙන් සහ වැසි වතුර පානය කිරීමෙනි.
ලුවිස් ජෝර්ඩන් මසුන් අල්ලා ගෙන තිබෙන්නේ ඔහුගේම දෑතින් බවත් සඳහන්ය.කෙසේ වෙතත් ලුවිස් ජෝර්ඩන් මහ සයුර මැද අතරමං වුනේ කෙසේද යන්න තවම පැහැදිලි නැත.