නව රජයේ දින සියය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ වන සමාලෝචන වාර්තාව අද (20) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
ඒ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලබා දුන් පොරොන්දු සහ නව රජයේ පළමු දින සියය තුළ ලඟා කරගත් ඉලක්කයන් සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කර ඇත.
Share this: