දික්වැල්ලේ මත් කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු අල්ලයි

දික්වැල්ලේ මත් කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු අල්ලයි

දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු විසින් කලක පටන් පවත්වාගෙන ගිය හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මත්කුඩු සමග එම ජාවාරම පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ හා දික්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී.

මෙම කාන්තාවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 15 යි මිලි ගෑම් 390ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වී ඇති අතර මෙම මත් ද්‍රව්‍ය සොයාගැනීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහාම පුහුණු කරන ලද නිල සුනඛයා වන ඩාලිගේ සහයද ලබා ගෙන තිබුණා.

මෙම මත්ද්‍රව්‍ය ධීවර ප්‍රජාව ඉලක්ක කර ගනිමින් අලෙවි කර ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this: