එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් වන මහින්ද ජයසිංහ මහතාගෙන් කෝටි 50ක වන්දායක් ඉල්ලා එන්තරවාසියක් යවන බව පවසයි.
ඒ මහතා ප්‍රකාශ කළේ, පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ තමාට මනාප ලක්ෂයක් පමණ අහිමි වීමට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් හේතු වුනු බවයි.
ගුණවර්ධන මහතා සඳහන්කර සිටියේ, මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමේදී කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බවට ජයසිංහ මහතා ගෙන ගිය ප්‍රචාර හේතුවෙන් මෙම මනාප ප්‍රමාණය අහිමි වී ගිය බවයි.
ඒ අනුව තමා කෝටි 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවන බව ඒ මහතා නාරාහේන්පිට අභයාරාමයේදී අද (14දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසු අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් වරදකරුවුවහොත් ගාලු මුවදොර පිටියට පැමිණ තමා දැලි පිහියෙන් බඩ කපාගන්නා බවද හෙතෙම එම අවස්ථාවේදී සඳහන් කර සිටියේය.