උප පොලිස් පරික්ෂකවරයෙකු විසින් පාසල් දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තාවේ.
සම්බන්ධයෙන් එම උප පොලිස් පරික්ෂකවරයව ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ වයස අවුරුදු එකොලහක් වන අතර, එම දැරියව ඇයගේ නිවසේදී සැකකරු විසින් අපයොජනයට ලක්කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර ඔහු කරන්දෙණිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු බවයි.
Share this: