HUD හෙවත් Heads up Display යනූ වත්මන් මෝටර් රථවල අලුතෙන්ම එක්වූ දර්ශණ තිර තාක්ෂණයයි. මෝටර් රථ නිෂ්පාධකයන් HUD ස්ථාපනය කරන්නේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මතයි. මෙමගින් රියදුරාට මාර්ගය පිරික්සන අතරවාරයේම රථයේ වේගය,RPM හා අවශ්‍ය නම් Reverse Camera වීඩියෝ දර්ශණය කළ හැකි අතර Maps, Radio හා Multimedia තොරතුරු HUD පද්ධතියෙන් හරහා දර්ශනය කළ හැකිය.
මෙතෙක් කල් HUD භාවිතා කැරීමට හැකියාව ලැබුනේ Mercedes Benz, BMW, Volvo වැනි මෝටර් රථ හිමිකරැවන්ට පමණි. නමුත් එවන් මිල අධික රථ මිලට ගැනීමට සැමටම හැකියාවක් නොමැති බැවින් එය සුපිරි පන්තිය පමණක් භුක්ති විදින පහසුකමක් බවට පත්වී තිබුණි.
මෙයට විසඳුම් ලෙස Iris HUD උපාංගය හඳුන්වා දී ඇත. Iris යනු ඕනෑම මෝටර් රථයකට පහසුවෙන් සවිකිරීමට හැකි HUD උපාංගයකි.එබැවින් ඔබ පදවන්නේ පැරණි මෝටර් රථයක් වුවද Iris HUD හරහා ඔබට ද HUD සිහිනය සැබෑ කර ගැනීමට හැකිය.වත්මන් වෙළඳපලේ මෙවන් HUD උපාංග කිහිපයක් දක්නට ලැබුන ද,Iris HUD ඒවායෙන් තරමක් වෙනස් වේ.එය සවිකරන්නේ රථයේ හිරු එළිය වලක්වන ආවරණය වන Sun visor උපාංගය තිබෙන ස්ථානයටය.ඉවත් කරනු ලබන Sun visor එක වෙනුවට හිරු එළිය වලක්වන ආවරණයක් ද Iris පද්ධතියේ ඇත.
Iris හරහා ඔබට Map alerts, Navigation glert,Realtime GPS,වැනි තොරතුරු දුරකථනයට පැමිණෙන Call හා Sms , Calendar reminders යනාදි තොරතුරු දර්ශණය කෙරෙන අතර ඔබට හස්ත සංඥා මගින් call පාලනය කිරිමට හැකිය.මීට අමතරව Face book,Twitter,Skype,Viber වැනි ඇප් සමග ක්‍රියා කිරීමට හැකි පරිදි Iris සකස් කර ඇත.
සැකසුම සී.එදිරිමාන්න