ඔබ කාලයක් තිස්සේ අහස දෙස උවමනාවෙන් බලන අයෙකු නම්, ඔබට නොයෙක් මාදිලියේ තාරකා දකින්නට ලැබී ඇත. සමහර තරු යුගල හා පන්ති වශයෙන් ද පිහිටා තිඛෙනු ඔබ දැක ඇත. තනි තනි වශයෙන් පිහිටා ඒ තරු වලට ඉස්මතුවීමට බලයක් නොමැති නිසා එසේ යුගල හා පන්ති වශයෙන් පිහිටා එකිනෙකා තුළින් යැපෙනවා විය හැකි බවට මට මෙන් නිකමටවත් ඔබට සිතී නැද්ද ? බොහෝ තරු මුලින්ම දකින්නට ලැඛෙන අවස්ථාවේ ඉතාම ආලෝකයෙන් වැඩි නමුත් ඒ තරු නැවත දකින්නට නොලැඛෙන අවස්ථා බහුල බව ඔබට ද වැටහෙනවා ඇත. තවත් සමහර තරු ඇතැම් කාල වකවානු වලදී පමණක් පෙනී නොපෙනී යන බව මා කීවොත්, එයට ද ඔබ එක`ග වනු ඇත. ඒ අතර එකම ආලෝකයකින්, තමන්ටම අනන්‍යවූ වර්ණයකින්, හැඩයකින් කාලයක සිට ආකාසය සරසන තාරකා ස්වල්පයක් ද ඇති බව ඔබද පිළිගන්නවා ඇත. ඒ තරු අපේ ජීවිතයට කෙතරම් සම්බන්ධදැයි කීවොත්, එහි ස්වරූපයද, නම ද ස්ථානගතවී ඇති තැන් ද අපේ මනසේ ලැගුම් ගෙන ඇත. ආකාසය කලා ක්ෂේත්‍රයටත් තාරකා කලාකරුවන්ටත් උපමා කර මා මේ කියන්නට වෑයම් කළ දේ ඔබට ද නොතේරනවා නොවිය හැක. ඒ තරු ස්වල්පය අතර රැදී මියුරු, සොදුරු, රුසිරු, තාරකාවක් තුළට එබී බලන්නට අප සැරසෙමු. ඒ තාරකාව හ`දුන්වාදීමට දීර්ඝ පුර්විකා අවශ්‍ය නැත. සැප්තැම්බර් 07 වැනිදා සවස නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී අපූරු රසයක්, නැවුම් ශබ්දයක් ඔබට තිළිණ කිරීමට සැදී පැහැදී සිටින බොහොම සරල එහෙත් අතිශය විරල ඔහු තුළට අපි එබී බලමු. ඒ වෙන කවුරුත් නොවේ. ඔබ අප ආදරය කරන කසුන් කල්හාර නම් වු තරුණ කලාකරුවානන් ය.
රොමාන්තික ඔපෙරාවෙන් පසුව ගීතය සම්බන්ධව ඔබ කිරීමට යන ඊලග විප්ලවය කුමක් ද?
විපල්වයක් කරන්න නම් විප්ලවයක් කිරීමේ අදහස මුලින්ම ඇති වෙන්න ඕනේ. ඊළගට විප්ලවයක් කිරීමේ අමාරුව දැනෙන්න ඕනේ. යම් කෙනෙකුට තේරෙනවනම් මේ සමාජ ක්‍රමය ඇතුලේ මිනිස්සු මාර විදියට අසාධාරණයට ලක් වෙනව කියලා එහෙම දැනෙන තැනක දී තමයි අවංකවම ඒ වෙනුවෙන් පෙනී සිටින්න නියම ඕනෑකම ඇතිවෙන්නේ. —රොමාන්තික ඔපෙරාව˜ කියන්නේ විපලවයක් කියලම මම කියන්නේ නෑ ආකෘතිය කැඩීම ඇතුලේ එය යම් ප්‍රමානාත්මක විපලවයක් වන්නට පුළුවන් නමුත් මෑත කාලීනව බහුතර රසඥතාව දිහා බැලූවාම විප්ලවයක් කරලා ඒක කඩන්න ඕනෙ නැහැ වගේ එකක් තියෙනවා. එතනින් කැඩෙන්න කැමති මිනිස්සු බොහොම සවිඥානිකව එතනින් කැඩිලා බොහොම ලස්සන, බොහොම පිරිසිදු ප්‍රබල තැන්වලට ගිහිල්ලා තියෙනවා. ඒක අවංකවම දැනගෙන කරන එකක්. ඒක දැනදැනත් එතනින් කැඩෙන්න අකමැති පිරිසකුත් ඉන්නවා. ඒක ඉතින් පව් පැත්තට වැටෙන්නේ. දැන් තියෙන්නේ මිනිසුන්ට වැඩිපුර රසවිදින්න දෙයක් කරනවා මිසක් සිස්ටම් එක කඩන්න දෙයක් කරන්න නැහැ. දැන් ඒ කාලේ EXPIRE වෙලා. බුද්ධිමත් බොහොම ලස්සන, බොහොම නිවැරදි රසඥතාවයක් තියෙන සවිඥානික මිනිසුන්ව INSPIRE කරන්න පුළුවන් කියන තැනකදි තමයි මම දැන් නිර්මාණ කරනවා කියලා කල්පනා කරන්නේ. විප්ලවීය කාරනාවක් විදියට ලංකාව ඇතුලේ මියුසික් කරලා වැඩක් නෑ. මොකද මේ මිනිස්සුන්ට හරි මොකද්ද කියලා නොතේරෙනවා නොවේ ඒත් ඒක පිළිගන්න කැමති නෑ.
ඔබ හිතන විදියට කලාකරුවෙක් කියන්නේ කාට ද?
කලාකරුවෙක් කියලා කියන්නේ හුදෙක් කලාව ගැනම විතරක් සවිඥානික, හැගීමක් තියන කෙනෙක්ට නෙවෙයි. ඊට පරිබාහිරව තිඛෙන ලෝකයේ හරි හෝ වැරදි දේවල් අඩු වැඩි වශයෙන් දැනෙන, ඒ වෙනුවෙන් වැඩ කරන්න, පෙනී සිටින්න ඕනේ යැයි කියලා හිතන ඒවගේ ම තමන්ට දැනෙන, තමන් ග්‍රහණය කරගත්, තමන් විශ්වාස කරන කලාව මොනවිදියට ද යොදවන්නේ කියල වැඩකරන මනුස්සයා තමයි නියම කලාකරුව කියන්නේ.
අනෙකුත් ගායික ගායිකාවන්ගෙන් කසුන් වෙනස් වන්නේ මොන කාරණා වලින් ද?
මගේ මව දක්ෂ ගායිකාවක්. මගේ පියා ඉතාම දක්ෂ සංගීතඥයෙක් ඒ දෙන්නගේම මුහුවක් තුළ මට උප්පත්තියෙන්ම ලැබුණු සංගීතමය හැකියාවක් කොහොමටත් තියනවා. මම ඒක නැහැයි කියන්නේ නෑ. තව මගේ කන් හොදට ඇහෙනවා. කවුරුහරි ශ්‍රැතියට ගායනා නොකරද්දී ඒක මට දැනෙනවා. හො`දට දැනෙනවා. සමහර වෙලාවට හො`දටත් වඩා දැනෙනවා. ඒ හින්දා මං කල්පනා කරනවා මං කරනදේ කොච්චර PERFECT කරන්න ඕනෙ ද කියලා.
අනෙක් අයගෙ වැරදි තේරෙනව නම්, මගේ වැරදි කොහොමටත් මට තේරෙන්න එපැයි. ඒක නිසා මම බොහොම සවිඥානිකයි මගෙන් සිද්ධවන වැරදි ගැන. මං එහෙම දැනගෙන පරිස්සම් වෙලා ඉන්නතාක්කල් මට වඩා ශ්‍රැතිය සම්බන්ධයෙන් හැගීමක් නැති කෙනෙකුට වඩා මට ඒක තේරෙනවා. ඒක එකක්. අනෙක් එක හැම ගායනාවක් ඇතුලෙම ගායනා කරන වචන, ගායනා කරන විලාශය, ඒක අහන මිනිසුන්ට දැනෙන්න සලස්වන ක්‍රමය වඩාත්ම වැදගත්ම කාරණාවක් තමයි හැගීම. හැගීම් බර මිනිහෙකුට පුලූවන් තමන්ගේ ගායනය තුළින් කොහොමද ඒ හැගීම මුදා හරින්නෙ කියන එක. ඒක PRACTICE කරලම කරන්න පුලූවන් දෙයක් නෙමෙයි. ඒක ඉබේම සිද්ධවෙන්න ඕනෙ දෙයක්.
දැන් අපි මෙහෙම කියමුකො. සමහර මිනිස්සු අඩනවා අපිට දුකක් ඇතිවෙන්නෙ නෑනේ. මොකද අපි දන්නවා මූ බොරුවට අඩන්නේ කියලා. සමහර මිනිස්සු අඩන්නේ නෑ කදුළු වැටෙන්නේ නෑ හැබැයි මූණ දිහා බැලූවම තේරෙනවා ඒ මිනිහා අඩනවා තමයි කියලා.
ඔබ බොහෝවිට ගායනා කරන්නේ ප්‍රේම ගීත ඒකට විශේෂිත හේතුවක් තියෙනවා ද?
නන්දාමාලනී ගේ පවන, සත්‍යයේ ගීතය කළේ ඒ කාලයට එහෙම දෙයක් අවශ්‍ය වෙලා තිබ්බ නිසා තව කපුගේ කරපු කම්පන වගේ ප්‍රසංග ඒකාලේ යුගයේ අවශ්‍යතාවය මත කරපු දේවල්. ඒකාලේ ප්‍රසංග වල වැඩි ගීත ප්‍රමාණයක්් තිබ්බේ විමුක්ති ගීත. නමුත් අපේ රටේ ඒ දේවල් දැන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ මිනිස්සු මේ දේවල් නොදන්නවා නෙවෙයි. හැමෝම දන්නවා. අර කියන්නේ ගහ දන්න අයට කොළ කඩා පාන්න එපා කියලා. ඉතින් ඒ නිසා ඒ මිනිස්සුන්ට රණවිරු ගීත, විමුක්ති ගීත නැවත නැවත කරලා වැඩක් නෑ. රසවිදින කෙනාට වැඩිපුර දෙයක් රසවිදින්න දීලා උදව්වක් දෙන එක විතරයි අපට කරන්න වෙන්නේ. මම ප්‍රේම ගීත ගායනා කරන්නේ ඒක හැමෝටම හැමදාටම පොදු කාරණාවක් නේ.
ඔබේ අත්දැකීම් මත බිහිවෙච්ච නිර්මාණ තිඛෙනවා ද?
හැමතිස්සේම මම පාවිච්චිකරල තියෙන්නේ වෙන කෙනෙකුගේ අත්දැකීමක්, ඒක මගෙත් අත්දැකීමක් කියලා මට දැනිච්ච නිසා. එක්තරා වෙලාවක දී ඒක මගෙත් අත්දැකීමක් වෙනවා.
කලා ක්ෂේත්‍රයට එන බොහෝ තරුණයන් ඔබ වගේ වෙන්න හදනවා ඒ අය ඇත්තටම ඔබව කියවලා තියනව ද?
නැහැ කියල තමයි මගේ අදහස. සමහර මිනිස්සු ඉන්නවා මං වගේ රැවුල කපනවා. ඒක ප්‍රශ්ණයක් නැහැ කියමු. මම කන බොන විදිහ, අදින පළදින විදිහ, INTERVIEW වලට ගිහින් කතාබහ කරන විදිහ ඒවගේ දේවල් මිනිසුන්ට අනුකරණය කරන්න පුළුවන් හැබැයි ඒ එකකින්වත් වැඩක් නැහැනේ මම ඇත්තටම කරන්න උත්සාහ කරන දේ ඒ ළමයින්ට දැනෙන්නේ නැත්නම්. ආත්මීය කාරණාවක් විදියට ඇතුලෙන් කෑගහගෙන මෙහෙම එළියට එන්නේ මොකක් නිසාද කියලා ඒ අය කවදාවත් හිතලා නෑනේ. මම කියන්නේ මේකයි. ආර්ථීකය, කලාව, දේශපාලනය වැනි දේවල් සම්බන්ධව මට ඉතා හොද කියවීමක් තියනවා වාසනාවට මට ඒ දේවල් කතා කරන්න පුළුවන් පිරිසක් හිටියා. ඒ කියවීම සහ පිරිස නිකම්ම හැදෙන්නේ නෑ. ආත්මීය කාරණාවක් විදියට අපි තුළත් දෙයක් තියන නිසා තමයි එහෙම වෙන්නේ. මොකක් හරි සින්දුවක් කරලා ඒකට වීඩියොවක් කරලා මැරෙන්න හදනවාට වඩා මොනවද මේකෙ තියෙන රසතැන්, ඉතිහාසයේ මොනවද සිද්ධ උනේ, කවුද මේවා වෙනුවෙන් වැඩකරල තියෙන්නේ, පෙනී ඉදල තියෙන්නේ. ඒවගේ දේවල් ගැන කිසිම අදහසක් නැතිව මෙතනට ආවට වැඩක් නෑ. මං ගැනවත් පැහැදිලි අදහසක් නැතිව ඒ අය කොහොම ද මම වගේ වෙන්නේ. බොහොම අඩු පිරිසක් තමයි අවබෝධය ඇතිව ක්ෂේත්‍රයට එන්නේ ඒවගේ මිනිස්සු මං වගේ වෙන්න හදන්නේ නෑ. එහෙම අදහසක් නැති මිනිස්සු තමයි අරයා වගේ මෙයා වගේ වෙන්න හදන්නේ.
ඔබ වසර ගණනාවකට කලින් එක්තරා අවස්ථාවක දී කියනවා චිත්‍රපට ගීත ගායනයෙන් ඉවත් වෙනවා කියලා. ඇයි ඒ අදහස ඊට පස්සේ වෙනස්වුණේ ?
වෙනස්වුණේ නෑ. සමහර මිනිස්සුන්ට අපිත් ඉතින් රැවටෙන වෙලාවල් තියනවානේ මුලින්ම ඇවිත් ඉතින් කාල බීලා යාලූ වෙනවා. යාලූවෝවගේ ආශ්‍රය කරන්න පටන්ගත්තායින් පස්සේ තමයි අර අදහස කියන්නේ ඉතින් එතනදී හිතට එකග නොවුනත් අර දේ කරන්න වෙනවා. හැබැයි දැන්නම් එහෙමත් කරන්නේ නෑ. මමත් ඉතින් තාමත් ඉගෙන ගන්නවා මගෙන් අයෙත් එහෙම දෙයක් වෙන එකක් නෑ.
සිනමා නිර්මාණයක සංගීත අධ්‍යක්ෂණයට සංගීතඥයන් කිහිපදෙනෙක් සම්බන්ධ කර ගන්න එක ගැන ඔබ මොකද හිතන්නේ ?
ප්‍රශ්ණයක් නැහැ හැබැයි අධ්‍යක්ෂක දැනගන්න ඕනෙ මොන මොන සංගීතඥයන් ද එකට මිශ්‍ර කරන්නේ කියලා. සිංදු ගැනනම් මගේ වැඩි අදහසක් නෑ චිත්‍රපටියේ අධ්‍යක්ෂක ගානටම ඒ කණ්ඩායමේ ඉන්න හැමෝම ඒ වැඩේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෙ. විශේෂයෙන්ම සංගීත අධ්‍යක්ෂක. චිත්‍රපටි අධ්‍යක්ෂක, කැමරා අධ්‍යක්ෂක, සහාය අධ්‍යක්ෂක, සංගීත අධ්‍යක්ෂක, කියන ඒ හතර දෙනා ගල් වගේ ඉන්න ඕනේ. ඒ හතරදෙනාටම ඒ වැඩේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. කෙනෙක්ට වඩා වැඩිපුර අනෙක් කෙනාට එය දැනෙන්න බෑ.
වර්ථමාන පරපුරේ සංගීතඥයන්ගෙන් කලාවට යම් මෙහෙයක් කළ හැකියැයි සිතන අය කවු ද?
මම හිතන්නේ නදීක ගුරුගේ. මම බොහොම ආදරය කරන මනුස්සයෙක්. මම දන්නවා නදීක තුල බොහොම රස දේවල් තියෙනවා කියලා. එයත් මං වගේම MUSIC වලට ARTS වලට සෑහෙන ආදරය කරන කෙනෙක්. එයාගේ ආත්මීය ප්‍රකාශනයත් බොහොම සරුයි. අතිදක්ෂ කලාකරුවෝ ඉන්නවා හොදට ගායනය කරන වාදනය කරන. හැබැයි ඒ ගොල්ලන්ගේ දායකත්වය කලාවේ ඒතරම් වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.
තවත් දක්ෂ සංගීතඥයින් සිටිය දී ඔබේ නිර්මාණ වලට විවිධ සමාජ මට්ටම් වල මිනිසුන් අතර තැනක් ලැබීමට හේතු මොනවා ද?
මම අර ඉහත කීවා වගේ, ඒ අය දක්ෂවුනාට ගායනය සම්බන්ධ හැගීම ලොකු කාරණාවක් සංගීත සංයෝජනයට හැගීම් එකතු කිරීම තවත් කාරණාවක් ඒ දෙකම MUSICAL කාරණා. MUSIC කරලා SING කරලා විතරක් මදි. තැනකට ගියාම හැසිරෙන විදිය, කතාබහ කරන විදිය, තමන්ට ප්‍රතිපත්ති කියලා මොනවද තියෙන්නේ. ඒවා ආරක්ෂා කරගන්නේ මොන විදියට ද, INTERVIEW එකකට ගිහිල්ලා කතාබහ කරන විදිය, මොනවද ඒ කතාකරන කරුණු, ඒවා මනස්ගාත ද, නැත්නම් කොහෙන් හරි කටපාඩම් කරගෙන ඇවිල්ල කියන ඒව ද, නැත්නම් ඇත්තටම ඒ වෙලාවේ ඇගෙන්ම එන ඒව ද, කියන එක ගැන මිනිස්සු සවිඥානිකයි. ඉතින් ඒ දේවල් තුළින් මිනිස්සුන්ට පුළුවන් පුළුල් අධ්‍යනයක් ඇතුලේ මාව කියවන්න. ඒ නිසා ඒ ඒ විවිධසමාජ මට්ටම් වල මිනිස්සුන්ට ඒක දැනෙන්න ඇති.
නිර්මාණ කටයුත්තක් සම්මානයට පාත්‍රවීම ඔබගේ ඊළග නිර්මාණය කෙරෙහි බලපාන්නේ මොන විදයට ද?
මටනම් ඇත්තටම ඒකේ කිසිම වෙනසක් නැහැ. මට එහෙම ලොකුවට කියල සම්මාන හම්බවෙලාත් නැහැ. මට දීල තියන සම්මානවලින් වැඩකුත් නැහැ. ඒ කියන්නේ, සම්මානයක් දෙන්නනම් හේතුවක් තියෙන්න එපැයි. ඒ හේතුව මිනිසුන්ට පිළිගන්න පුළුවන් දැනෙන හේතුවක් වෙන්නත් ඕනේ. ඉතින් එහෙම හේතුවක් නැතිව සම්මාන දෙන සම්මාන උළෙලවල් ගොඩක් තියනවා මේ රටේ.
බොහෝ දෙනෙක් කියනවා MUSIC කරලා ලංකාවේ සල්ලි හම්බකරන්න බැහැ කියලා. ඔබත් ඒ මතයේ ම ද ඉන්නේ ?
මම නම් කියන්නේ ලංකාවේ MUSIC කරලා හොදට සල්ලි හම්බකරන්න පුළුවන් නමුත් ඒක කරන විදියක් තියනවා. හැබැයි මමනම් සල්ලි හම්බකරන්නේ කරන්න පුළුවන් අන්තිම දහජරා දේ කරලා නෙමෙයි නේ. මම එක්තරා මට්ටමක දී නවතිනවා. මම නිතරම ඒ මට්ටමේ ඉන්නවා. මට හම්බවෙන්නේ ඒ මට්ටමින් පල්ලෙහා දෙයක් නම් මම ඒක කරන්නේ නැහැ. සමහර මාසවලදී මට සතයක්වත් හම්බවෙන්නේ නැති වෙලාවල් තියනවා. නමුත් මම ඒවා ගැන එච්චර හිතන්නේ නෑ.
කලා ක්ෂේත්‍රය තුළ කුලක ඛෙදීමක් දක්නට තිඛෙනවා ඒ තත්ත්වය ඔබ දකින්නේ මොන විදියට ද?
ඒකම තමයි මම අර මුල් ප්‍රශ්ණයේදීත් කථා කළේ. ඇයි මේ මිනිස්සු හොදදේ දැක දැක එතනට යන්නේ නැත්තේ මට වඩා හොදට SING කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, ඇයි ඒ මනුස්සයා ගාවට යන්නේ නැතුව මං ගාවට ම එන්නේ. ඒකතමයි අර ඔළුවෙන් හදාගෙන තියන දේ. කලින් තීරණය කරගෙන ම ඉන්නවා මම අර මිනිහා ල`ගට යන්නේ නැහැ කියලා. හැබැයි එතනට ගියානම් සමහරවිට තේරෙයි, මෙතනට වඩා එතන කොච්චර හොදද කියලා. නමුත් අපේ රටේ ඉන්න මිනිස්සු අඩි දහයක්වත් එහෙම ගිහින් මහන්සි වෙන්නේ නෑ.
ඔබ නිදහසේ ඉන්න වෙලාවට මොනවද කරන්නේ ?
මම ඉස්සර හුගාක් පොතපත කියවපු කෙනෙක් දැනටමත් මා නොකියවනවා නොවේ. නමුත් කියවීමටත් PRACTICE එකක් තියෙන්න එපැයි. මගේ PRACTICE එක මේ වකවානුවේ අඩුවෙලා තියෙන්නේ. මම සිනමාවට සෑහෙන්න ආදරය කරන මනුස්සයෙක් මට ඒක හොදට දැනෙනවා තේරෙනවා ඒක හොදට PRACTICE කරලා තියනවා. නිදහසේ ඉන්න ඕනෙම වෙලාවක මම කරන්නේ මම කැමති ආකාරයේ FILM ගෙනල්ල බලන එක. ඒක තමයි මම වැඩියෙන් ම කරන්න කැමති. තව මට ඉන්නවා බොහොම සරු යාළුවෝ පිරිසක්. සහෘදයෝ පිරිසක්. ඒ මිනිස්සුත් හැමතිස්සේ ම ලොකයේ වෙන රස දේවල්, අලූත් දේවල්, පිළිබ`දව බොහොම සෙවිල්ලෙන් ඉන්න පිරිසක් ඉතින් ඒ මිනිස්සුත් එක්ක එකතුවෙලා මොනව හරි බීලා කාලා ඊට අදාලව ඒ් හුවමාරු කරගන්න දේවල් වලටත් මම කැමතියි. මම විවේක කාලයේ දී එවගේ දේවල් තමයි කරන්නේ.
මේ වකවානුවේ කෙරෙන වැඩකටයුතු මොනවා ද?
VOICE TRAINING CLASS එක කරගෙන යනවා. ඊට අමතරව ශබ්දාගාරයේ වැඩකටයුතු කරගෙන යනවා. සැප්තැම්බර් 7 වැනි දා සවස නෙළුම් පොකුණේ එළිමහනේ Culture Shock නමින් මගේ මෙතෙක් නොපැවති ආකාරයේ ප්‍රසංගයක් පැවැත්වෙනවා. මේ දවස්වල ඒකට සුදානම් වෙනවා.
එළිමහන් ප්‍රසංගයක් විදියට ඇයි මෙය පවත්වන්න හිතුවේ ?
ඇතුලේ ගොඩක් පිරිසකට ඉඩ පහසුකම් නැති එක එකක්. තව දෙයක් තමයි නාද්රෝ සංගීත කණ්ඩායමත් සම්බන්ධ කරගෙන තමයි මේ වැඩේ කරන්නේ ඉතිං PERCUSSION ගොඩක් පාවිච්චි වෙනවා. ඒක නිසා ඇතුලේ ශබ්දෙ වැඩියි. ඉතිං ඇතුළේ ඒක කොහොමටත් කරන්න අමාරුයි. අනෙක මම එළිමහන් ප්‍රසංගයක් කරලම නැහැනේ. ඒක වෙනසක් නෙ ඉතිං.
සංවාද සටහන : ලක්ෂාන් ප්‍රනාන්දු