ගල්ඔය ප්‍රදේශයේ දහම් පාසලක ඊයේ අප්‍රේල් 02 උදෑසන වාර්තා වූ පිහි ඇනුමකින් සිසුවියක් තුවාල ලබා තිබේ.
ඊයේ පෙරවරු 07.45 ට පමණ මෙම සිද්ධිය වී ඇත්තේ දහම් පාසල පවතින විහාරස්ථානයේ පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියට පිහියෙන් ඇනීමත් සමඟයි.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකු වන අතර ඔහු මේ වනවිට කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පිහි ඇනුම සඳහා යොදාගත් පිහිය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
ප්‍රශ්න කිරීමකදී ප්‍රහාරකයා හෙළිකර ඇත්තේ දැරිය තමා සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කළ නිසා තමා ඇයට පිහියෙන් ඇන ඇති බවයි.
Share this: