දවස් 61ක් තුළදී රටේ ජනතාවට සහන රැසක්

දවස් 61ක් තුළදී රටේ ජනතාවට සහන රැසක්

දවස් 61ක් තුළදී රටේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි මාර්ග නව රජය විසින් සකසා දී ඇති බවත්, සිව් දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මසකට රුපියල් 7500 ක වියදම් අඩු වී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එමෙන්ම තමන් විපක්ෂයේ සිටින කාලයේ තිබු තත්ත්වය වර්තමානයේ සිටින විපක්ෂයට සිදුවීමට ඉඩ නොදෙන බවද ඒ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද(14) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.

එසේම ප්‍රජාතන්ත්‍රවාදය යළිත් රට තුළ උල්ලංඝණය වීමට ඉඩ නොදෙන බව හෙතෙම එම අවස්ථාවේ කියා සිටියේය.

තවද සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල වැනි පුද්ගලයින් මේ වන විට ධනවාදය ගැන කතා කරමින් සිටින කරුණානායක මහතා පවසයි.

තවද පසුගිය කාලයේ තමා විසින් හිටපු අරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන ලෙස අභියෝගයක් ඉදිරිපත් කළ නමුත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද මුදල් අමාත්‍යවරයා සදහන් කල්ලේය.

Share this: