පසුගියදා නවදිල්ලියේ පැවැති අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ දී ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් දලෙයිලාමාතුමන්ට ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඇරයුම් කර තිබේ.
එය ඇතැම් විට චීනය සමඟ ශ්‍රී ලංකාවේ පැවති ඇති ඇතැම් සිද්ධීන් තවත් උග්‍රවීමට බලපා හැකි හේතුවන් විය හැකි බවට නිව් ඉන්දියන් එක්සප්‍රස් පුවත්පත වාර්තා කරයි.
තවද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නම හෙළි නොකර ඇති නිලධාරියෙකුව උපුටා දක්වමින් නිව් ඉන්දියන් එක්සප්‍රස් පුවත්පත සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධිය ඇතැම් විට දෙඹර කූඩයට ගල් ගැසුවා හා සමාන වනු ඇති බවයි.
ඒ අනුව, චීනය, දලෙයිලාමාතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය කිසි ලෙසකින්ගේ සුබදායී කරුණක් ලෙස නොදකින බැවින් මෙම අවස්ථාවේ මෙලෙසින් ප්‍රවෘත්තියක් නිර්මාණය වීම ශ්‍රී ලංකාවට ද අවාසිදායක වනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු මස 26වනදා චීනයේ නිල සංචාරයක නිරතවීඹට ද නියමිතය. එබැවින් චීන – ශ්‍රී ලංකා සබඳතාවලට ද දලෙයිලාමාතුමන්ගේ සංචාරය ප්‍රබල බලපෑමක් එල්ල කිරීමේ අවධානමක් පවතීන බව සමහර අයගේ මතයයි.
1999 වසරේ දී සහ 2006 වර්ෂයේ දී දලෙයිලාමාතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වුවද එය ද වැළැක්විණි. එසේම බොදු බල සේනා සංවිධානය ද පසුගිය වර්ෂයේ දී දලෙයිලාමාතුමන්ට ශ්‍රී ලංකා සංචාරයකට ආරාධනා කිරීමට සූදානම් වූ අවස්ථාවකදී එවකට පැවැති රාජපක්‍ෂ රජය එයට අවසර ලබා නොදුනි.