දරුවාට කරන කෙනෙහිලිකම් ඉවසාදරාගත නොහැකි වු තැන  විදුහල්පතිට කුණු බිත්තර .

දරුවාට කරන කෙනෙහිලිකම් ඉවසාදරාගත නොහැකි වු තැන විදුහල්පතිට කුණු බිත්තර .

පාසලට අනවසරයෙන් ඇතුළු වී විදුහල්පතිට සහ ගුරුවරියට කුණු බිත්තර ගැසී යැයි කියන කතක රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඹුත්තේගම මහේස්ත්‍රාත් අයි එම් එස් බී ඒකනායක මහතා නියෝග කළේය.

තලාවේ එච් ඒ ශ්‍රියාණි චන්ද්‍රිකාට එසේ ඇප නියම විය.

භූමිතෙල් බඳුනක් ද කොස්සක් ද  ගිනි පෙට්ටියක් හා පිහියක්ද රතිඤ්ඤා ද රැගෙන පසුගිය විසි අට වැනිදා පාසලට ගිය ඇය විදුහල්පති කාර්යාලය ඉදිරිපිට මුලින්ම රතිඤ්ඤා පත්තු කර බිත්තර ගසා ඇතැයි ද ගුරුවරියකටද කුණු බිත්තර වැදී ඇතැයි ද පැමිණිල්ලෙන් කියැවේ.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් ශ්‍රීලාල් තලගල මහතා  අධිකරණය හමුවේ කියා සිටියේ  පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින ඇගේ දරුවාට හොදින්  නොඋගන් වන බවයි. ඇය කිහිප විටක්ම  පාසලට ගොස්  දරුවාගේ අස්වීමේ සහතිකය ඉල්ලා සිටි නමුත්  එය නොලැබුණු බවත් එහෙයින්  එදින ඇය පාසලට ගොස් ඇති බවත්  එසේ ගොස් ඇත්තේ දරුවාට කරන කෙනෙහිලිකම් ඉවසාදරාගත නොහැකි වු තැන බවත් නීතීවේදියා කරුණු දැක්වීය.

Share this: