කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පැවසුවේ මේ දිනවල පවතින ශීත කාලගුණය හේතුවෙන් දරුවන් රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි.
ඉතින් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දරුවන් අධික ශීතලෙන් ආරක්ෂා කරගන්නා ආකාරය පැහැදිලි කරයි.
“දරුවා අධික ශීතලෙන් පෙළෙන විට බොහෝ රෝගවලට ගොදුරු වේ. විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට දරුවාගේ උණ උත්සන්න වේ. ඒ නිසා මේ දිනවල දරුවා එළියට යන විට හොඳට අවරයන වෙන ඇඳුම් ඇඳ තොප්පියක් පැළඳිය යුතුය.
“ඔබ සිටින්නේ දූවිලි සහිත ප්‍රදේශයක නම් මුහුණු ආවරණයක් භාවිතා කරන්න. බර අඩු සහ නොමේරූ ළදරුවන්ට සීතල එච්චරම හොඳ නෑ.”
Share this: