දරුවන්ට කාටුන් එතරම්  සුබ නැ – අතිරේක සොලිසිටර් ජනරාල්

දරුවන්ට කාටුන් එතරම් සුබ නැ – අතිරේක සොලිසිටර් ජනරාල්

sarathඅතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පවසන්නේ, කාටුන් වැඩියෙන් නරඹන දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉතා සීග්‍රයෙන් අඩුවන බවට පර්යේෂකයින් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවයි.

ඒ මහතා පවසා සිටියේ ඉතා වේගයෙන් කාටුන් වැඩසටහන්වල වර්ණ වෙනස්වීමත් සමඟ මෙය දරුවන්ට බලපාන බවත්, ඒ අනුව දරුවන්ගේ නිර්මාණශීලීත්වය මොටවී ඇතැම්විට දරුණු ස්වභාවයන් ඇතිවීමේ අවදානමක් බවයි.

ජයමාන්න මහතා මේ අදහස් පළ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති අධිකරණ වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි.

ඔහු එහිදී කියා සිටියේ, අපරාධ සිද්ධීන් ජනමාධ්‍ය වාර්තා කිරීමේ දී සැලකිලිමත් විය යුතු බවයි.
ඇතැම් වාර්තා කිරීම් හේතුවෙන් අදාළ නඩුවලට සම්බන්ධ චූදිතයන් නිදහස් වීමේ ඉඩකඩද පවතීන අතර, එසේම තවත් අවස්ථාවලදී නඩු විභාගය සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවයට අගතියක් වීමේ ඉඩකඩ ද පවතින බවයි.

තවද යම් අපරාධ සිද්ධියකදී පොලිසිය ලබා ගන්නා මුල්ම සාක්‍ෂි සටහන සදහා අධිකරණයෙන් වලංගු භාවයක් හිමි නොවන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී පැවසීය.

නමුත් පොලිස් භාරයේ සිටිය දී යම් සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයාට පාපොච්ඡාරණයක් සිදු කළ හොත් එම සාක්‍ෂිවලට වලංගුභාවයක් හිමිවේ.

මේ අනුව අපරාධ නඩු වාර්තා කිරීමේ දී නඩු විභාගවලට යම් බලපෑමක් එල්ල විය හැකි බැවින් ඒවා ඉතා සැලකිල්ලෙන් සිදු කිරීමට මාධ්‍යවේදීන් වගබලා ගත යුතු යැයි සරත් ජයමාන්න මහතා වැඩිදුරටත් පැවසීය.

Share this: