දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතිය වන විට ගුරුවරුන් නැවත ප්‍රශ්න පත්‍ර සලකුණු කිරීම ප්‍රතික්ෂේප කළහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව පැවසීය.
“කිසිවෙකු දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට තබා ගැනීමට ඉඩ දෙන්න බැහැ” යැයි ඔහු අවධාරණය කළේ 19 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.
අධ්‍යාපනය, විශේෂයෙන් විභාග අනිවාර්ය සේවාවක් බවට පත් කිරීමට හෝ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සඳහා විභාග කමිටුවක් පිහිටුවීමට තමන් කල්පනා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
Share this: