ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මහ මැතිවරණය නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
දෙහිවර ගල්කිස්ස මහ නගර සභාවට අපේක්ෂකයෙකු දයාසිරි ජයසේකර මහතාගේ අත්සන යොදා ව්‍යාජ ලෙස නාමයෝජනා ලබාදී ඇතැයි වාර්තා වේ.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඊයේ (24) අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ විමසීමකදී කියා සිටියේය.
Share this: