දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගය

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගය

හිටපු නීතිපති (AG) දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් වළක්වමින් නිකුත් කළ අතුරු නියෝගය ජුනි 22 දක්වා දීර්ඝ කර තිබේ.

හිටපු නීතිපතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර්.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කෙරිණි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බව හිටපු නීතිපතිවරයා පවසනවා.

Share this: