ලබන වසරේ සිට වයස් සම්බන්ධ නව නීති ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ.
පනත යටතේ ඔවුන්ගේ දැනට පවතින වයස අවුරුදු දෙකකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වේ.
කොරියානුවන් වයස ක්‍රම තුනකින් ගණනය කරයි.
එනම් ජාත්‍යන්තර වයස, කොරියානු වයස සහ දින දර්ශක වයස ලෙසයි.
මෙම ක්‍රමය නිසා ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස අවුල් වන බවද පැවසේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ලබන ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර වයස පමණක් භාවිතා කිරීමට රජය තීරණය කර ඇත.
Share this: