දකුණු අප්‍රිකාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් 10ක් මරුට!

දකුණු අප්‍රිකාවේ ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් 10ක් මරුට!

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ඉන්ධන ප්‍රවාහන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ද්‍රව පෙට්‍රෝලියම් වායුව ප්‍රවාහනය කළ රථයේ ගබඩා ටැංකිය පුපුරා ගොස් ඇත.

එම අවස්ථාවේදී ගෑස් ගබඩා ටැංකියේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ලීටර් 60,000ක් පමණ ගබඩා කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජොහැන්නස්බර්ග් සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

Share this: