ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සංශෝධනයට තීරණය.

ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සංශෝධනයට තීරණය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ථෙරවාදි භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි ඇතැම් කරුණු සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව ය.

පනත් කෙටුම්පතෙහි අනවශ්‍ය කරුණු කිහිපයක් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තිරණයට එළැඹි බව ඔහු පැවසී ය.

Share this: