“ත‍්‍රස්තවාදීන්ගෙන් 50% ක් පමණ තවමත් නිදැල්ලේ” ජනපති සටනට මම සූදානම්

“ත‍්‍රස්තවාදීන්ගෙන් 50% ක් පමණ තවමත් නිදැල්ලේ” ජනපති සටනට මම සූදානම්

රටේ අවශ්‍යතාව ගැන සලකා බලා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය භාරගන්න කිව්වොත් ඒ සඳහා තමා සූදානම් යැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ජනාධිපති ධුරය ලැබුණොත් රට හදන්න තමාට හැකි බවත් මාළිගා හදන්න හෝ ආර්යාවන් හදන්න තමාට අවශ්‍ය නැති බවත් වගකීමක් ගෙන වැඩ කිරීමට තමාට හැකියාව ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. හෙතෙම මේ බැව් සඳහන් කළේ ඊයේ (13 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

රාජපක්‍ෂ කෙනකුට ජනාධිපතිවරණයේදී සහාය දෙන්න තරම් මා බංකොලොත් නෑ. රාජපක්‍ෂලා ගැන මගේ හිතේ තියෙන ආකල්පය වෙනසක් වෙලා නෑ. ඒ ආකල්පය සදාකාලිකයි.

එක්සත් ජාතික පක්‍ෂ නායකයා විසින් නිවැරදි මිනිසෙක් ජනාධිපති අපේක්‍ෂකකමට පත් කළ යුතුයි. ඔහු වෙනුවෙන් මා කැපවී වැඩ කරනවා. නුසුදුස්සෙක් දැම්මොත් හෘද සාක්‍ෂියට විරුද්ධව වැඩ කරන්න මට බැහැ.

අපි ජෝකර්ලා ලෙස ජනතාව ඉදිරියට ගියා දැන් ඇති. ජනතාව ඉල්ලන්නේ රටේ ආරක්‍ෂාව ගැන අත්දැකීම් සහිත විනයගරුක කෙනෙක්. එජාපය ඒ අනුව කටයුතු කළොත් මා ගැනත් සිතාවි.

රටේ ආරක්‍ෂාව ගැන දන්නා එකම කෙනා ගෝඨාභය රාජපක්‍ෂ කියා මා කියන්නේ නැහැ. නමුත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය නම් කළේ රටේ අනාගතය ගැන හිතලා එය හොඳ තීරණයක්.

Share this: