තොරතුරු දුන්නා නම් අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය වළක්වන්න තිබුණා

තොරතුරු දුන්නා නම් අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය වළක්වන්න තිබුණා

“එස් ටී එෆ් ප‍්‍රධානි ලතීෆ් විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කියයි”

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය පිළිබඳව ඊට කලින් දින ලැබී තිබුණු තොරතුරු තමන් වෙත ලබා දුන්නා නම් එම ප‍්‍රහාරය නතර කරන්නට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව තිබුණ බව පොලිස් විශේෂ කාර්ය බළකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ඊයේ (25 වැනිදා* ප‍්‍රකාශ කළේය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ලතීෆ් මහතා එසේ කීය.

එම ප‍්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් අපේ‍්‍රල් 20 වැනිදා දහවල් ආරක්ෂක අංශ අතර හුවමාරු වී ඇති බවත්, තමන්ට ඒ තොරතුරු ලබා නොදීම ප‍්‍රහේලිකාවක් බවත් ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේය.

මෙම ප‍්‍රහාරය සම්බන්ධව අපේ‍්‍රල් 09 වැනිදා හුවමාරු වූ ලිපිය හැරෙන්න කිසිම තොරතුරක් තමන් අතට පත් නොවූ බවත් කී ලතීෆ් මහතා 09 වැනිදා ලිපියට අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව සැපයීමට තමන් කටයුතු කළ බවත් පැවසීය.

සතියේ සෑම අඟහරුවාදාකම පැවැත්වෙන බුද්ධි විශ්ලේෂණ රැුස්වීම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය ඊට කැඳවන්නේ නැති වීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 හි ඊයේ (25 වැනිදා* පැවැත්විණි.

Share this: