තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කරන පනත් කෙටුම්පත මේ මාසය තුළපාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා මහජන අදහස් ලබා ගැනීම මාර්තු 15දා අවසන් වෙයි.
රාජ්‍ය පරිපාලන පළාත්පාලන පළාත් සභා සහ ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ දින සියයේ වැඩ සටහනට ඇතුළත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් ලබාගැනීමටත් මහජනතාව දැනුම්වත් කිරීම සඳහාත් පසුගිය දිනවල මේ පිළිබඳවසාකච්ඡා සම්මන්ත්‍රණ කිහිපයක්ම පැවැත්විණි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනආයතනයේදී විද්වත් සම්මන්ත්‍රණයක් ද පසුගිය දා පැවැත්විණ.
Share this: