අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාග් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
මිලඟ කොරෝනා රැල්ලට මෙය හේතුවක් විය හැකි බවද බෝවන රෝග පිලිබඳව අධ්‍යයනය කරන, රාජකාරි ඉටුකරන නිසි නිලධාරින් කණ්ඩායමක් ලෙස තමන් අනතුරු අඟවා සිටින බවයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
සියලු සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයාගේ මරණය සිදුවූ දින සිටම එම පිරිස වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව රටපුරාම සමස්ත ජනතාව පෙල ගැසිය යුතු බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි.
එම අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා දුරකතනයෙන් තර්ජනය කළේ යැයි තම සංගමය වෙත වාර්තා වී ඇතැයි ද හෙතෙම කියයි.