තුර්කි – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 40,000 ඉක්මවයි!

තුර්කි – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 40,000 ඉක්මවයි!

තුර්කි – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

සතියකට පෙර තුර්කි – සිරියාවේ දේශසීමා ආසන්නයේ ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

මේ අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් ආරක්ෂිතව මුදාගැනීමේ හැකියාව අවමවීම හේතුවෙන් දෙරටේම මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වෙමින් පවතිනවා.

එබැවින් භූමිකම්පාවෙන් හානියට පත් ප්‍රදේශයේ සුන්බුන් ඉවත් කිරීමට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටී.

මේ අතර, ආධාර කණ්ඩායම්වලට රට තුළට ඇතුළු වීමට ඉඩ සැලසීම සඳහා සිරියානු දේශසීමා දෙකක් විවෘත කිරීමට සිරියානු රජය එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ව්‍යසනයට මුහුණදීමේදී රජයට ප්‍රමාණවත් සහයක් නොලැබුණු බවට සිරියානුවන් චෝදනා කරන්නේ මෙවැනි පසුබිමකයි.

විවෘත කර ඇති දේශසීමා මාස තුනක කාලයක් විවෘතව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share this: