තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යද්දී හද කම්පා කරවන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සිද්ධිය වාර්තා වන්නේ සිරියාවෙන්.
සිරියාවේ භූමිකම්පාවෙන් පෙරළී ගිය ගොඩනැගිලි සුන්බුන් යට වැළලී ගිය මිනිස් ජීවිතය සොයා ගැනීමට මිනිසුන් වෙහෙස නොබලා වෙහෙසෙති.
මේ අතර සුන්බුන් අතරින් සොයමින් සිටි පිරිසකට බිළිඳකු අඬන හඬක් ඇසුණු අතර එම හද කම්පා කරවන දර්ශනය දැක බලා ගැනීමට සිදු විය.
ඒ දර්ශනයේ තිබුනේ ඒ වනවිටත් බිහිවෙමින් සිටි දරුවෙකි.
ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් දරුවා මුදා ගැනීමට කණ්ඩායම ඉක්මනින් සමත් විය.
කෙසේ වෙතත් නටබුන් අතර සිරවී සිටි දරුවාගේ මව තම දරුවා බේරා ගැනීමට පැමිණි පිරිස දෙස බලා සිටිමින් ඒ මොහොතේ අවසන් හුස්ම හෙළුවාය.
Share this: