මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි මහත්මිය තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව දිසා අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ (13) ඇය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇත.
කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් ව්‍යාපාරික ජානකී සිරිවර්ධනට ඇප නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Share this: