තිළිණිගේ ‘රන් පොලු’ පිත්තල පොලු වෙයි!

තිළිණිගේ ‘රන් පොලු’ පිත්තල පොලු වෙයි!

තිළිණි ප්‍රියමාලි විසින් රන් පොලු යැයි පවසා ව්‍යාපාරිකයන්ව රැවටීමට යොදා ගත් පිත්තල කුටිට් සකස්කළ පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

රන් පොලු ලෙස පෙනී යන ලෙසට එම පිත්තල කුටිට සකස් කර තිබී ඇති බැවින් එම පිත්තල පොලු සකස් කළ පුද්ගලයාගෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

තිළිණිගේ මුල්‍ය වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් ඇය මේ පිත්තල කුටිටි රන් පොලු ලෙස පෙන්වමින් එම රන් විකුණා මුදල් දෙන බව පවසමින් එම පුද්ගලයන් රවටා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිත්තල කුටිටිවලින් 08ක් පිළිමතලාවේ පිහිටි ඉසුරුගේ නිවෙසේ තිබී සොයා ගෙන ඇත.

Share this: