අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම්දී අතේ, ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ බොහෝ දුරට අවසන්ව ඇති බවයි.
එම පරීක්ෂණවලට අදාල උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල අංශ වලට දැනුම්දී ඇත.
ඒ අනූව නඩු විභාගය ජූනි මස 3 වැනිදාට කල්දැමූ අතර පරීක්ෂණවල ප්‍රගතිය එදිනට දැනුම්දෙන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී නියෝග කෙරින.
පසුගිය ජනපති මැතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛන සැකසීමේ චෝදනාව මත තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනින.
Share this: