ජනපතිවරණ සමයේ කූඨ ලේඛන නඩුවක් නිසා සිරගතවී බන්ධනාගාර රෝහලේ රැුඳී සිටින තිස්ස අත්තනායකට ඊයේ විශේෂ දවසක් වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඔහුව බලන්නට පැමිණීම මේ විශේෂත්වයයි. ඊට අමතරව පසුගිය දිනවල ලංකාවට පැමිණි එංගලන්තයේ පදිංචි තිස්ස අත්තනායකගේ දියණියද
ඊයේ බන්ධනාගාර රෝහල දොරටුව අසළ අධිකරණ ඇමතිවරයා පැමිණෙන අවස්ථාවේ සිටිනු මාධ්‍යවේදීන්ට ඇස ගැසුණා.
අධිකරණ ඇමතිවරයා සමග ඉංග‍්‍රීසියෙන් කථාබහ කළ ඇය කියා සිටියේ තම පියා බලන්නට පැමිණීම ගැන ස්තූති කරන බවයි.
අනතුරුව මාධ්‍යවේදීන් ඇගෙන් පියා ගැන විමසූවිට ඇය නුහුරු සිංහලෙන් පිළිතුරු දෙමින් කියා සිටියේ පියා සනීපෙන් සිටින බවත් 11 වනදා ඇප ලබාගන්නට බලාපොරොත්තු වන බවත්ය. (තිස්ස අත්තනායක රිමාන්ඞ් කරන්නට නියම කළ දිනයේ සිට බන්ධනාගාර රෝහලේ සිටින්නේ ඇත්තටම අසනීප නිසා නොවේ.)
ජනපතිවරණ ප‍්‍රතිඵල වලින් අනතුරුව තිස්ස අත්තනායක ටික දිනක සිංගප්පූරු සංචාරයකට ගොස් තිබුනේද මේ දියණිය සමගයි.