තිස්සගේ නඩුවේ තීන්දුව පසුවට

තිස්සගේ නඩුවේ තීන්දුව පසුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම නීති විරෝධි යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමට අදාළ නඩු විභාගය අවසන් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතේ, එහි තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බවයි.

තවද, තිස්ස අත්නායක මහතා ඉදිරිපත් කළ පෙත්සම ඊයේ සහ අද ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණි.

තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් සහ විනය පරීක්ෂණයක් නොපවත්වා තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීති විරෝධි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා තිස්ස අත්තනායක මහතා පෙත්සම ඉදිරිපත් කර තිබුනි.

මේ අතර, අදාළ චෝදනා වලට නිදහසට කරුණු දැක්වීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් බවට පෙත්සමේ සඳහන් කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය අධිකරණය හමුවේ කියා සිටියේ තිස්ස අත්තනායක මහතා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට පටහැනිව ක්‍රියාකර ඇති බැවින් විනය පරික්ෂණයක් පැවැත්වීමකින් තොරව ඔහු ඉවත් කිරීමේ හැකියාව පවතින බවයි.

Share this: