රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය භාවිතා කළ ජංගම දුරකතන දෙකක් සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඇය ආර් වාට්ටු සිර මැදිරියේ රඳවා සිටියදී කළ හදිසි සොදිසියේ දී එම සිරිමැදිරයේ දොරක සගවා තිබු එක් ජංගම දුරකතනයක් පෙර සොයාගෙන ඇත. ඇය වෙනත් සිර මැදිරියට මාරු කිරීමේ පසු බන්ධනාගාර හදිසි පුතිචාර උපක්රමයක බලකාය විසින් ඉකුත් (9) දින රාත්රි යේ පරික්ෂා කිරීමේදී ඇය සතුව තිබී අනෙක් දුරකතනය සොගා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරයි.
මෙම දුරකතන දෙකම අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
Share this: