තිලකරත්න දිල්ශාන් ඇතුළු පිරිසකගෙන් මහියංගනයේ දුෂ්කර පාසලකට නව ගොඩනැඟිල්ලක් හා ක‍්‍රීඩා භාණ්ඩ

තිලකරත්න දිල්ශාන් ඇතුළු පිරිසකගෙන් මහියංගනයේ දුෂ්කර පාසලකට නව ගොඩනැඟිල්ලක් හා ක‍්‍රීඩා භාණ්ඩ

ප‍්‍රසිද්ධ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලකරත්න දිල්ශාන් මහතා උප සභාපතිත්වය දරණ ”කෂිබුන්ඩා ජාත්‍යන්තර සංවිධානය” හා ”උැ ත්‍දර ශදම” සංවිධානය එකතුවෙන් තුන්වැනි වරටත් මහියංගණ අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසලක් වන මහියංගණ සොරබොර ජනපදයේ වටවන කණිෂ්ඨ විද්‍යාලය සඳහා පංති කාමර 03 කින් සමන්විත අංගසම්පූර්ණ අධ්‍යාපන පහසුකම් ඇති ගොඩනැඟිල්ලක් සිසු අයිතියට පත් කිරීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි.

එසේම විද්‍යාලයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති ක‍්‍රීඩා භාණ්ඩ රැුසක්ද දිල්ශාන් තිලකරත්න මහතා විසින් විද්‍යාලයීය විදුහල්පති බී. පී. සී. ගුණසේකර මහතා වෙත පරිත්‍යාග කිරීමෙන් අනතුරුව පාසල් දරුවන් සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හා බොලිබෝල් ක‍්‍රීඩාවේ නිරත වෙමින් සතුට පළකර සිටියේය. රුපියල් ලක්ෂයකට ආසන්න ක‍්‍රීඩා භාණ්ඩද පරිත්‍යාග කෙරුණි. එසේම විවෘත කළ නව ගොඩනැඟිල්ල ලක්ෂ 30 ක වියදමින් ඉදිකර ඇත. කෂිබුන්ඩා ජාත්‍යන්තර සංවිධානය විසින් මීට පෙර විද්‍යාලය වෙත ගොඩනැඟිලි 02 ක් සාදා නිමකර සිසු අයිතියට පත් කර ඇත.

අති දුෂ්කර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් දරුවන් 200 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති. ගුරුවරු 10 දෙනකු සේවය කරති. පාසලේ ඇති දුෂ්කර භාවය හේතුවෙන් විද්‍යාලය වෙත පැමිණෙන ගුරුවරු වැඩි කලක් රැුඳී නොසිටීමෙන් පාසලේ අධ්‍යාපනය කටයුතු අඩාල වේ.

කෂිබුන්ඩා ජාත්‍යන්තර සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගී මුන්සෝ, කෂිබුන්ඩා ජාත්‍යන්තර සංගමයේ උප සභාපති ජොන් ජක් හීර්ෂි, ක‍්‍රිස්ටියාන් හීර්ෂි හා කෂිබුන්ඩා සංවිධානයේ ශ‍්‍රී ලංකා ශාඛා සභාපති පී. ඒ. රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශීය නියෝජිතයන් රැුසක් මෙම සමාජ සත්කාරක වැඩ සටහන සඳහා එක් වී සිටියහ. විද්‍යාලයීය දරු දැරියන් ගේ අලංකාර නර්තන,

ගායන අංග රැුසකින් පැමිණ සිටි අමුත්තන් සතුටට පත් කළේය.

Share this: