තිබුණ තත්ත්වේ අනුව කුලිපදනම මත නැවූ ගන්න උනා, – හිටපු ඇමැති අනුර

තිබුණ තත්ත්වේ අනුව කුලිපදනම මත නැවූ ගන්න උනා, – හිටපු ඇමැති අනුර

හිටපු ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය, අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, පසුගිය වර්ෂයේ ජූනි සහ ජූලි මාසවල දී කොළඹ වරායේ ඉන්ධන ගොඩබෑම සදහා වු බෝයාවේ නලයක් කැඩියාම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් සැපයීම අඩපණවීම හේතුවෙන්, හදිසි ආපදා තත්වයට මුහුණදීමට සිදු වු බවත් එහෙයින් බොර තෙල් නැවෙන් කුඩා නැවකට කුලි පදනම මත මාරු කර ගොඩබෑමේ ක‍්‍රමවේදය අනුගමනය කිරීමට සාකච්ඡා කොට තීරණය කළ බවයි.

ඒ මහතා ඊයේ (22) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ මේ සම්බන්දයෙන් පසුගිය 20 වනදා රහස් පොලිසිය වෙත ද ගොස් ප්‍රකාශයක් සිදු කිරීමට සිදුවූ බවයි.

ඒ සම්බන්දයෙන් මාධ්‍ය මගින් වැරදි ආකාරයට වාර්තාවීම මගින් මහජනයා තුළ වැරදි අවබෝධයක් ඇතිවිය හැකි බැවින් පැහැදිලි කරමින් හිටපු ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය, අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේයි.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ධුරය දරමින් සිටින විට ඛනිජ තෙල් සංස්ථාව විසින් බොරතෙල් ගොඩබෑම සඳහා කුලී පදනම මත කුඩා නැවක් මිල දී ගැනීම සම්බන්ධව

කොළඹ වරායේ ඉන්ධන ගොඩබෑම සදහා වු බෝයාවේ නලයක් කැඩියාම හේතුවෙන් පසුගිය වර්ෂයේ ජූනි සහ ජූලි මාසවල දී සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් සැපයීම අවිනිශ්චිත තත්වයක් නිර්මාණය විය. ඉතා කෙටි කාලයක් තුළ බෝයාවේ නළ දෙකක් කැඞීයාම හේතුවෙන් බොරතෙල් ගොඩබෑම සම්පුර්යෙන්ම නතර වූ අතර සපුගස්කන්ද පිරපහදුව තාවකාලිකව වසා දැමීමට සිදුවිය. මෙම කාලසීමාව තුළ මුතුරාජවෙල බෝයාව අක‍්‍රිය වීම නිසා මුතුරාජවෙල තොග පර්යන්තයට ඉන්ධන ගොඩබෑම ද අඩාල විය. ඉන්ධන ගොඩබෑම සදහා කොළඹ වරායේ පිහිටි ඩොල්‍්‍රෆින් ජැටිය (ඩොල්‍ෆින් ෆියර්) පමණක් ඉතිරි වූ නමුත් රටට අව්‍යශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය ගොඩබෑම ඩොල්‍්‍රෆින් ජැටිය භාවිතා කිරීම මගින් පමණක් සිදු කළ නොහැකි නිසා දැඩි ගැටලූ කාරිතත්වයකට මුහුණදීමට සිදුවිය.

 

එසේම මෙම කාලසීමාව තුළ පැවති අයහපත් කාලගුණික තත්වය නිසා මුහුද ඉතාමත් රළු ස්භාවයකින් යුක්ත විය. මේ හේතුවෙන් කිමිදුම් කරුවන්හට මුහුදේ කිමිදී බෝයා නළ ඉක්මනින් අලූත් වැඩියා කිරීම අසීරු කරුණක් විය. ඉතා අපහසුවෙන් එක්වරක් නලය අලූත්වැඩියා කළ ද එය ද නැවත කැඞීගිය අතර නැවත නලය අලූත් වැඩියා කටයුතු සඳහා අතිරේක නල සංස්ථාවේ නොතිබිණි.

මෙසේ ඇති වූ අවිනිශ්තතාව නිසා කුමන හෝ ක‍්‍රමවේදයක් අනුගමන කරමින් ඉන්ධන ගොඩබෑම සිදුකළ යුතු වූ අතර එසේ නොවුන හොත් සති කීපයකින් රටේ ඉන්ධන සැපයුම නැවතීමට ඉඩ තිබිණි. මෙම හදිසි ආපදා තත්වයට මුහුණදීම සඳහා කරන ලද සාකච්ඡාවලින් පසු බොර තෙල් නැවෙන් කුඩා නැවකට මාරු කර ගොඩබෑමේ ක‍්‍රමවේදය අනුගමනය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව හදිසි අවශ්‍යතාවය මත ඉන්ධන ගොඩබෑම සඳහා කුඩා නැවක් කුලී පදනම මත ලබාගැනීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන ලදී.

 

මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලය දැනුවත් කළ අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද මේ සඳහා හිමිවිය. එසේම මේ සම්බන්ධව මා විසින් පාර්මේන්තුවේ දී ප‍්‍රකාශයක් සිදුකළ අතර එය හැන්සාඞ් ගතවී ඇත. මෙම කුඩා නැව සහ බොරතෙල් ගෙණෙන ලද නැව අතර ඇති වූ පරස්පරතාවයක් නිසා බොරතෙල් බෑමේ පමාවක් සිදු වූ අතර මේ අතරතුර කාලය තුළ දී වසර 14ක් පමණ පැරණි නළයක් යොදා ගනිම්න් අදාල බෝයාව අලූත්වැඩියා කටයුතු කරගැනීමට හැකි වූ නිසා නියමිත වේගයට වඩා අඩු වේගයකින් බොරතෙල් ගොඩබෑම ආරම්භ කරන ලදී. එහෙයින් කුඩා නැවේ සේවය අවශ්‍ය නොවීය. එම නැව නිදහස් කිරීමට උපදෙස් ලබාදුන් බව ද මා විසින් පාර්ලිමේන්තුවට දන්වා ඇත. පසුව නැව මිලදී ගත් සමාගම සහ කුලී කරුවන් අතර ඇතිවූ ගැටලූකාරී තත්වයක් නිසා එම කුලීකාර සමාගම විසින් කොළඹ අධිකරණයේ නඩු පවරා නැව අත්අඩංගුවට ගෙන තිබිණි.

 

මෙම ක‍්‍රියාවලිය සම්බන්ධව කරුණු පැහැදිලි කරන ලෙස රහස් පොලිස් විශේෂ විමර්ශන අංශය මාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ම විසින් පසුගිය 20වන දින ඔවුන් වෙත ප‍්‍රකාශයක් ලබාදෙන ලදී. මෙම කරුණ වැරදි ආකාරයට මාධ්‍ය හරහා වාර්තාවීම මගින් මහජනයා තුළ වැරදි අවබෝධයක් ඇතිවිය හැකි බැවින් මෙම පැහැදිලි කිරීම ඔබ ආයතනය වෙත යොමු කරන අතර එය ඔබ ආයතනයේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය මගින්/ පුවත්පත මගින් ප‍්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිමි.

 

ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය තුළ හදිසි අවස්ථාවක කි‍්‍රයා කිරීමේ බලය රජයේ නිළධාරීන්ට ලබාදී ඇත. එවැනි අවස්ථාවල ප‍්‍රතිපත්තීමය තීරණ ගැනීම අදාල විෂය භාර අමාත්‍යවරයාගේ කාර්යභාරය වන බවත් එම ක‍්‍රමවේදය කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් පසු නීතිගත වන බවත් තවදුරටත් පැවසිය යුතුය.

 

අනුර ප‍්‍රියදර්ශන යාපා

කුරුණෑගල දිස්ත‍්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී

Share this: