තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට

තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට

එළබෙන මහා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කලෙ, තේරීම්භාර නිලාධාරීවරුන්ගේ උපදෙස් පරිදි තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වෙත එම කණ්ඩායම යොමුකිරීමට නියමිත බවයි.

තවද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට දිනයේ ආරම්භ වන අතර ලබන පස්වන සහ හය වන දිනද එම කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට දිනය තුළ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කළහ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් අද දිනයේ ක්‍රියාත්මක වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසන අතර, තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ පසුගිය තිස් වන දින ආරම්භ කළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන 10 වන දින අවසන් කිරිමට නියමිත බවයි.

Share this: