තැපැල් ඡන්ද භාවිත කිරීමට රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ විසිපන්දහසකගෙන්(525,000) අයදුම්පත්

තැපැල් ඡන්ද භාවිත කිරීමට රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ විසිපන්දහසකගෙන්(525,000) අයදුම්පත්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීමට රාජ්‍ය සේවකයින් පන්ලක්ෂ විසිපන්දහසකට අධික සංඛ්‍යාවකගෙන් අයදුම්පත් ලැබී ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසී ය.
මහ මැතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීම ලබන මස 10 වන දා දක්වා සිදු කරන අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසුගිය 14 වන දා අවසන් ය.
මැතිවරණ කාල සීමාවේදී පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති අතර
එහි පළමු අදියර අද සබරගමුව පළාතෙන් ආරම්භ කරන බව එහි නීති ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසී ය.

Share this: