තැපැල් ඡන්දය 2023 මාර්තු 28 සිට 31 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරයි!

තැපැල් ඡන්දය 2023 මාර්තු 28 සිට 31 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරයි!

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය 2023 මාර්තු 28 සිට 31 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ, එම දිනයන්හි තැපැල් ඡන්දය පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය 2023 අප්‍රේල් 25 වැනිදා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පෙරේද නිවේදනය කළේය.

මැතිවරණය 2023 මාර්තු 09 වන දින පවත්වන බවට කලින් ප්‍රකාශ කර තිබුණද මුදල් හිඟයක් ඇති බව පවසමින් එය කල් දමන ලදී.

Share this: