තාරකා ඉබ්බන් 100ක් රට යවන්න හැදූ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවේ

තාරකා ඉබ්බන් 100ක් රට යවන්න හැදූ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවේ

නීති විරෝධී ලෙස අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ තාරකා ඉබ්බන් 100ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලිසිය සමත් විය.

පල්ලම පොලිස් වසමට අයත් මදවක්කුලම ප‍්‍රදේශයේ නිවසක කොළඹ ප‍්‍රදේශයේ ජාවාරම්කරුවකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී විශාල ප‍්‍රමාණයේ ඉබ්බන් 26දෙනකු, මධ්‍යම ප‍්‍රමාණයේ ඉබ්බන් 40දෙනකු හා පැටවුන් 34 දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් 500 සිට 3000 දක්වා මුදලකට කොළඹ ප‍්‍රදේශයේ ජාවාරම්කරුවකුට මෙම ඉබ්බන් අලෙවි කරන බව සැකකරුවන් පොලිසිය හමුවේ පවසා ඇත. පිටරටවලට අලෙවි කරන ජාවාරම්කරු එක් ඉබ්බකු චීනය, ජපානය සහ මැලේසියා යන රටවලට රුපියල් 25,000 සිට 50,000 මුදලකට අලෙවි කරන බව සඳහන් කරයි.

තාරකා ඉබ්බන් නිවෙස්වල ඇති කිරීමෙන් නිවසට සෞභාග්‍යය උදාවන බව ඉබ්බන් අපනයනය කරන රටවල ජනතාව විශ්වාස කරන බව පොලිසිය පවසයි.

ආණමඩුව සහකාර පොලිස් අධිකාරී අශෝක් කුමාර් මහතා මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. පල්ලම පොලිසියේ ස්ථානාධිපති අයි.ටී. බී හේරත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක උපාලි අබේරත්න, පොලිස් සැරයන්වරුන් වන (9884* අබේසිංහ, (3159* රංජිත්, පොලිස් කොස්තාපල් (41387* සෙනෙවිරත්න පොලිස් ආරක්ෂක අංශයේ (965* සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Share this: