තායිලන්ත නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී පෙරලීමෙන් අතුරුදන් වූ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
12/18 වෙනිදා සවස තායිලන්ත බොක්ක ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නෞකාව කුණාටුවක් හේතුවෙන් ගොඩබිම සිට කිලෝමීටර් 32ක් පමණ දුරින් පෙරළී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම අවස්ථාවේ නැවේ නාවිකයන් 100ක් පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් බේරාගෙන ඇත.
කුණාටුව හේතුවෙන් නෞකාවට ජලය ඇතුළු වී ඇති අතර එන්ජින් කාමරයට විදුලිය විසන්ධි වී ඇත.
ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 75 දෙනෙකු බේරාගෙන ඇති අතර අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Share this: