තාජුඩීන් මියගිය ස්ථානයට විශේෂඥයින් කැදවයි

තාජුඩීන් මියගිය ස්ථානයට විශේෂඥයින් කැදවයි

සුපිරි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් රිය අනතුරකින් මියගිය බව කියන නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසළ ස්ථානයට ඊයේ(25) රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම ස්ථානයට ගොස් මෙලෙස පරීක්ෂණ ආරම්භ කරන අය අතර, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හා අදාළ මෝටර් රථය නිෂ්පාදන කළ සමාගමේ ඉංජිනේරුවෙක් නාරාහෙන්පිට පොලීසිය මේ අතර වෙති.

තවද 2012 වසරේ මැයි මාසයේදී එම ස්ථානයේදී සිදුවූ රිය අනතුරකින් වසීම් තාජුඩීන් මිය ගිය බවට පොලිසිය වාර්තා කළ අතර පසුව ඔහු මිය ගියේ අනතුරකින් නොවන බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

පසුගිය අගෝස්තු මුල් සතියේ තාජුඩීන්ගේ සිරුර ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය

Share this: