තාජුඩීන් ඝාත්තනයට අදාල  CCTV දර්ශන මැකිලා.

තාජුඩීන් ඝාත්තනයට අදාල CCTV දර්ශන මැකිලා.

මීට පෙර දිනවලදී ආරංචි වූයේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් විවිධ හිංසා පීඩා කර ඔහුව මරා දැමූ බවයි.එම මරා දැමූ ආකාරය පිලිබඳ වීඩියෝ පට කිහිපයක් පොලීසිය විසින් සොයා ගත් ඇති බවට පවසා තිබුනා.තවද ඔවුන් පවසා සිටියේ එම වීඩියෝ දර්ශන වල ප්‍රභූ පවුලක්ද සිටින බවයි..

පසුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම වීඩියෝ දර්ශන ඉක්මනින් අධිකරණය වෙත ලබ දෙන බවට පවසා සිටියා.

කෙසේ නමුත් දැන් වාර්තා වන පරිදි එම වීඩියෝ දර්ශන මැකී ඇති බවයි.
ඔහුගේ එම ඝාතනය වූ කාලයේදී ඒ පිලිබඳව වැඩි දුර පරීක්ෂනයක් නොපවත්වා සිටියේ ඔහුගේ මරනය හදිසි අනතුරකින් සිදු වූවක් බැවින් සිතා එම ඝාතන සිද්ධිය යට ගැසීමයි.එම නිසා 2012 දී සිදු වූ එම ඝාතනය සම්බන්ධයෙන් වූ වීඩියෝ පට සියල්ල මකා ඇති බව පොලිස් පරීක්ෂන මගින් හෙළිවී තිබේ.

කෙසේ නමුත් මෙම වීඩියෝ පට නැවත ලබාගැනීම සඳහා 2015 වර්ෂයේ මර්තු මස නව රජය විසින් නැවත ආරම්භ කර තිබෙනවා.එබැවින් අකා දමා ඇති වීඩියෝ පට ලබා ගැනීම සඳහා පොලීසිය විසින් මොරටුව විශ්වවිද්‍යාලට ලබ දී ඇති බව දන්වා සිටිනවා.

නමුත් එම වීඩියෝ පට අපසු ලබ ගැනීමට හැකිවේදැයි තවමත් සැකයක්.

Share this: