තාජුඩීන් ඝාතනයේ සැක කරුවන් හඳුනාගෙන…..

3730d9cf125a2d3ed836b2d18ae4bc71_XL

CID භාරයේ ඇති වීඩියෝ දර්ශන මගින් සැකකරුවන් හඳුනාගෙන.
එම වීඩියෝ දර්ශන ලඟදීම අධිකරණයට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් රිය අනතුරක් ලෙස හඟවමින් ඝාතනය කර තිබූ සැක කරුවන් හඳුනාගෙන ඇති බවට කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත.

එම සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ CCTV දර්ශන මගින්ය.එම දර්ශන රහස් පොලීසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී ඒවා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.තවද එම දර්ශන වල ප්‍රභූ පුද්ගලයන් සිටින බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

වසීම් තාජුඩීන්ගේ මරණය හදිස්සි අනතුරකින් සිදු වූවක් බවට කරුනු වාර්තා වූ නමුත් විශේෂඥ වෛද්‍යවරුන් කරන ලද පරීක්ෂණවලට අනුව හඳුනාගෙන ඇත්තේ එය හදිසි අනතුරක් නොව ඔහු වෙත තඩින් පහර දී අනතුර වීමට ඉඩ සලස්වා ඇති බවයි. ඒ අනුව එය මිනී මරුමක් බවට හඳුනාගෙන ඇත.

මේ පිළිබඳව සියලු තොරතුරු අධිකරණය විසින් ඉදිරිපත් කරනු ලබයි.

Share this: