සුපිරි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොවන බව රහස් පොලීසිය අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ අනුව එම මරණය ඝාතනයක් යැයි සක පයලා වී ඇත.
අදාළ නඩුව සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය මේ බව දැනුම් දී ඇති අතර, එම මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.
තවද එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී වසීම් තාජූඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි අනාවරණය වී ඇති බව රහස් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මීට අදාළව වැඩිදුරටත් පරීක්ෂණ කරන බව රහස් පොලීසිය පවසා ඇති අතර එහිදී
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන ලෙසයි.
Share this: