අතුරුදහන් වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ මීළඟ මහජන හමුව ලබන පෙබරවාරි මස 28 දින සිට මාර්තු 3 දින දක්වා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පැවැත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොමිෂන් සභාව ආරම්භ වු දින (2013 -08- 15) සිට මේ දක්වා පැමිණිලි 20,106 පමන සංඛ්‍යාවක් සාමාන්‍ය වැසියන්ගෙන් හා 5000 ක අදික වු පැමිණිලි සංඛ්‍යාවක් ආරක්ෂක අංශ ද ඇතුළුව ඉදිරිපත් කර ඇත.
මේ දක්වා කොමිසම විසින් 2014 ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා කිලිනොච්චිය, යාපනය,මඩකලපුව, මුලතිව්,මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල මහජන හමු පවත්වා ඇත. එම කාලය තුළදී කොමිසම විසින් පැමිණිලිකරුවන් 1440 දෙනෙකුගෙන් වාචික සාක්ෂි ලබා ගෙන ඇත. තවද සියලූම පැමිණිලි කරුවන්ගෙන් ලබා ගත් සාක්ෂි ස්වාධින පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා විශ්ලේෂණය කරමින් සිටි.
මෙම කොමිෂන් සභාව රතුකුරුස සංගමය හා එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමඟ විධිමත්ව රැස්වීම් පවත්වාගෙන යන අතර ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් ද ලබා ගනීමින් පවති.
එමෙන්ම කොමිසම තවදුරටත් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙහි විවිධ ස්ථානයන්හි හමු පැවැත්වීමට නියමිතය.
මෙම කොමිෂන් සභාවට විමර්ශනය කිරීමට හා අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීමට බලය ලබා දී ඇති අතර කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කළ යුතුය.